රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව ආරම්භ කළ විමර්ශන අතර මග නැවතී ඇතැයි පොලිස් හා දේශපාලන ආරංචි කියයි.
හලාවත පදිංචි ව්‍යාපාරිකයකු විසින් 2012 වසරේ අගෝස්තු 22 වැනි දා සීඅයිබී 2 147/61 අංකයෙන් පොලිස් මූලස්ථානයට එම පැමිණිල්ල කර ඇත. ඉන් අනතුරුව පොලිස්පති විසින් එහි විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරා ඇත. මේ වන විට පුද්ගලයන් හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
මෙම මුදල් ගනුදෙනුව ගැන දේශපාලකයන් හා ව්‍යාපාරිකයා අතර සිදුවන කතාබහ ඇතුළත් හඩ පටි පවා පොලිසියට ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නැයි ව්‍යාපාරිකයාට දුරකතනයෙන් මරණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන ද 2013 අප්‍රේල් 20 වැනි දා හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.
ගනුදෙනුවට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රජයේ බ්‍රභල ඇමැති වරයකුගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධී කරන ලේකම් ලෙස එම අමාත්‍යංශයේ නම ද භාවිතා කර විසිටින් කාඩ්පතක් සකස් කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.
රහස් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර වසර එක හමාරක් පමණ වුවත් මේ වන තෙක් සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හෝ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිසිවකු අත්අඩංගුවට ගෙන හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.