මෝටර් රිය ඔයට වැටී පිය පුතු මරුට

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ අරන්දර, පිටගල්දෙණියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගුරුගොඩඔයට පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පින්දෙණිය පොලිසිය පවසයි.

අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ කාරයේ පස් දෙනකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් රිය පැදවූ පියා (57) සහ පුතා (31) මියගොස් ඇති අතර එහි සිටි කාන්තාවන් තිදෙනකු ද තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

එහි සිටි පිරිස කඩුගන්නාව, කැටකුඹුර පදිංචි අය වෙති.