මොරටුව - කොළඹ ජාත්‍යන්තර පාසල අවසන් ගැටුමට


කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගය මොරටුව පැසිපන්දු පිල සහ කොළඹ ජාත්‍යන්තර පැසිපන්දු පිල අතර මේ මස 24 වැනිදා පස්වරු 4 ට කොළඹ හෙන්රි පේ‍්‍රදිස් පිටියේදී පැවැත්වේ. මොරටුව පැසිපන්දු පිල සහ වෙන්නප්පුව නයිට්ස් පිල අතර ‘බී’ කාණ්ඩයේ අවසන් පුර්ව තරගයෙන් මොරටුව පිල ලකුණු 75 - 57 ක ජයක් ලැබීය. වෙන්නප්පුව නයිට්ස් පිල පළමු අර්ධයේදී  ලකුණු 35x-19 ක් ලෙස පෙරමුණේ සිටියේය. රාජකීය පිල ලකුණු 80 - 69 කින් පරදවා කොළඹ ජාත්‍යන්තර පාසල් පිල අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.