මොරටු සරසවියේ ඩෙංගු කීට ස්ථාන 15ක්


රංජන් කස්තුරි

මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන 15ක් තිබී සොයා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මීට අමතරව එම විශ්ව විද්‍යාල භූමියේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන රැසක් තිබුණු බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කළ පරීක්ෂාකිරීම්වලදී හෙළි වී ඇත.

මොරටුව විශ්ව විද්‍යාලයයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු සිටින නමුත් එම විශ්ව විද්‍යාලයෙන් පළමු ඩෙංගු රෝගියා වාර්තා වූ පසුව ධූමායනයක් සිදු කර නැති බව හෙළි වී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර අද උදෑසන මොරටුව විශ්ව විද්‍යාලයයේ ධූමායන කටයුතු සිදු කර තිබේ.