මොරටු සබේට සාය අඳුකොළ වගේ
මොරටු මහ නගර සභා රැස්වීම වාර්තා කිරීමට ලංකාදීප මාධ්‍යවේදීනි රේඛා තරංගනී පොන්සේකා හා දිවයින පත්‍රයේ හෙන්රි ප්‍රියශාන්ත පෙරදින ගියහ.ලංකාදීප මාධ්‍යවේදීනිය කළු පැහැදිග සායක් ද සුදු බ්ලව්සයක්ද ඇද සිටියාය.දිවයින මාධ්‍යවේදීයා කලිසමක් හා කමිසයක් ඇද සිටියේය. මාධ්‍යවේදීනියගේ සාය දෙපතුල දක්වා දිගය.අත් නොකැපු බ්ලවිසය උඩුකය මුළුමනින්ම වැසී ගොස් තිබිණි.උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා වෙනත් කරුණු යටතේ ප්‍රශ්නයක් මතු කළේය. මේ සභාව උත්තරීතරයි,අද මේ සභාව වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවට නොගැලපෙන ආකාරයෙන් ඇඳුම් ඇඳ පැමිණ සිටිනවා යැයි කීවේය.සභාපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඊට එහිදී පිළිතුරක් දුන්නේ ද නැත. මාධ්‍යවේදීන්ගේ ඇඳුම් හි අඩුපාඩුවක් ඇතැයි කීවේ ද නැත. නගරාධිපති ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමැසු විට පැවසුවේ සභාවට සුදුසුම ඇඳුම සාරිය බවයි. කලිසම ද වරදක් නැතැයි කී ඔහු එහෙත් එය නිර්දේශ නොකරන බව අවධාරණ කළේය.සාය හා බ්ලව්සයෙන් සිරුර හරි හැටි වැසේ නම්, කිටිකිටියේ ඇඳුමක් නොවේ නම්, එහි ද වරදක් නැතැයි ඔහු කීවේය.

