මොරටු වැසියන් ගැන අහිතක් නෑ


මොරටුවේ වඩුකාර්මිකයන්ගේ උද්ඝෝෂණයේදී කිහිප දෙනකු වතුර බෝතල් එල්ල කරමින් කළ ක්‍රියාව ගැන තමා පොලිසියට පැමිණිලි නොකළ බවත් එහෙත් පොලිසිය තමාගෙන් කට උත්තරයක් ගත්  බවත් තැපැල් ඇමැති ජීවන් කුමාරතුංග මහතා කියයි. පොලිසියේ ක්‍රියාවට තමා බලපෑම් නොකරන බවත් ඡන්දය දුන් මොරටු වැසියන් ගැන තමාගේ කිසිදු අහිතක් නැති බවත් ඔවුනට දඬුවම් කිරීමට අදහසක් නැති බවත් පැවැසීය.