මොරටු පුරපතිට අදත් ඇප නෑ


මොරටුව මහ නගර සභාවේ  උප නගරාධිපති  සුජිත් පුෂ්පකුමාර මහතාට  ඇප ලබා දීම සලකා බැලීම සඳහා  පානදුර මහධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විසින්  සැප්තැම්බර් 9 වැනි දින දක්වා කල් තැබිණි.

එදිනට උප නගරාධිපතිගේ ජංගම දුරකතන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ  විනිසුරුවරිය විසින්  කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට නියෝග කළාය.

උප නගරාධිපති වෙනුවෙන් පෙනී සිටි  නීතීඥවරුන්  පසුගිය අප්‍රේල් 23 පානදුර මහාධිකරණයට ගොනු කළ ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් සලකා බැලීම සිව් වන වරටත්  මහාධිකරණය හමුවේ  කැඳැවිණි.

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරයේ විහාධිපති  මැටියගහතැන්නේ  විමලවංශ හිමියන්ගේ  ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස උපනගරාධිපති පසුගිය පෙබරවාරී 06 දින සිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වේ.