මොරටු උප පුරපති හිරෙන් රැස්වීමට


මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කිරීමට සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර බන්ධනාගාර නිලධරයන්ගේ රැකවල් මධ්‍යයේ අද මාසික සභා රැස්වීමට පැමිණියේය.

පොලිසියේ විශාල පිරිසක් ද ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.

මීට පෙරද සභා රැස්වීමට සහභාගීවීමට ඔහු පැමිණියත් විරෝධතා නිසා ඊට ඉඩ නොලැබිණි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

(ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා)

(උප පුරපති මුලසුණට පැමිණ)