මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ ඇප අයදුම පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
රජයේ නීතීඥ චමල්කා සමරසිංහ මහත්මිය පැවසුවේ සැකකරුට ඇප ලබාදීමට තමා විරුද්ධ වන බවයි.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවනට බලපෑමක් විය හැකි බවත්, මොහු දේශපාලනඥයකු නිසා ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් පැවසූ විනිසුරුවරිය මේ අවස්ථාවේ ඇප ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළාය.