මොන හිතකින් ද අප්පේ මෙහෙම කෙළේ


ඉතාලියේ ලෝදි නගරයේ මහලූ කාන්තාවක (90) රැකබලා ගැනීම තම රැකියාව වශයෙන් කළ යුක්රේන් ජාතික සේවිකාවක් එම කාන්තාවට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ඉතාලි පොලිසිය පසුගියදා මාධ්‍යයට නිකුත් කළේය. තම මවගේ ශරීරයේ තිබූ සුළු සුළු තැලීම් හා ඇය බියෙන් ගල් ගෙවීම වැනි කරුණු මත ඇති වූ සැකය හේතුවෙන් ඇගේ පුතා කළ පැමිණිල්ලක් මත පොලිසිය පැමිණ ඇය ජීවත් වූ නිවසේ රහස් කැමරා සවිකොට යුක්රේන කාන්තාවගේ පහරදීම් පටිගත කළේය. ”පොලිසියට පැමිණිලි කරන්නේ නැතිව මෙම කාන්තාව රැකියාවෙන් ඉවත් කරන්න තිබුණා. ඒත් කතා කරගන්න බැරි මගේ අම්මට පහර දුන්නා වගේ මෙයා තවත් අම්මලාට මේ විදියට ගහයි” ඇගේ එකම පුතා එසේ පැවසීය.