මෛත්‍රී ශ්‍රීලනිප සභාපති බව මැකෝ නොදනී


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය ලබාදී ඇති බව මාධ්‍යවල පළවූවත් තවමත් ඒ පිළිබඳ නිල දැනුම්දීමක් ලැබී නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලේඛනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස තවමත් සඳහන්ව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම බව කී කොමසාරිස්වරයා එහි ලේකම් ලෙස තවමත් සඳහන්ව ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම බවද සඳහන් කළේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතාම බවට තහවුරු කෙරෙන ලිපියක් මීට සති දෙකකට පමණ ඉහතදී තමාට ලැබුණු බව කී මහින්ද දේශප්‍රිය මහතා ඉන් පසු එම ධූරය මෛත්‍රීපාල සිරිසේ මහතාට ලැබුණු බව මාධ්‍යවල පළවී තිබෙනු දුටු බවද සඳහන් කළේය.