විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ කෝට්ටේ නාග විහාරයේදී විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන් බැහැ දුටුවේය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයකුගේ අවශ්‍යතාවය මුලින්ම දැක මුළු රටටම ඒ පණිවුඩය රැගෙන ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියනට කළගුණ දැක්වීම සඳහා තමා පැමිණි බව කීවේය.රාජිත සේනාරත්න ,කරු ජයසුරිය, රවි කරුණානායක හා මනෝ ගනේෂන් මහත්වරුද ඔහු සමඟ වුහ. තමා ආ කාරණය මාධ්‍යට පැවසු සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම නාහිමි සමඟ සාකච්ඡාවකටද එක් විය.
සඳුදා (24) මහනුවර ගොස් දළඳා වහන්සේ වැඳ පුදාගෙන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අනුරාධපුරයට ගොස් සිරි මහා බෝ සමිඳුන් වැඳ පුදා අටමස්ථානාධිපති නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැකීමෙන් පසුව ඡන්ද සටන අරඹන බව සිරිසේන මහතා මාධ්‍යවේදීන් සමඟ කීවේය.
ඡායාරූප මුදිතා දයානන්ද
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි









