මෛත්‍රී ගුණරත්නගේ පියාත් රිමාන්ඩ්


එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු පස් දෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි සැකපිට ව්‍යාපාරික මාලිංග හර්මන් ගුණරත්න (65) ලබන 14 වැනි දා තෙක් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා විසින් මාතර රෝහලේ දී රිමාන්ඩ් කරනු ලැබීය.

සෙනසුරාදා මාතර නගර සභාව ඉදිරිපිට  එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ගැටුමේ දී ඔහු ද තුවාල ලැබීය.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරුණු දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා ය.