දඹුලු උප පුරපති කුසුම්සිරි ආරියරත්න මහතාට කළ වැඩ වෙනුවෙන් ලැබිය යුතු මුදල් නොගෙවීයැයි අද අලුයම තුනට මාර ගසකට නැගි දඹුල්ලේ පෙදරේරු ඉන්දික කුමාර අද රාත්‍රී නවයටත් ගස උඩටම වී සිටියේය.
ඔහු දෙදරු පියෙකි.
අද රෑ මහ වැස්සට ඔහු හොදටම තෙමුණේය.
පොලිසිය එහි පැමිණ ගසින් බසින්නැයි කීවත් ඔහු ඊට එකඟ වූයේ නැත.
උප පුරපති ඔහුගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.