මේජර් මළත් පරිගණකය බොරු නොකියයි
තිහගොඩ දී අත් බෝම්බයක් පිපිරී මියගිය මේජර් හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය)17) සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බව තහවුරු කෙරෙන ඡයාරූප 200ක් සොයාගත් බව තිහගොඩ පොලිසිය කියයි. මේජර්ට අයත් ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේ දී එම ඡායාරූප හමු වී තිබේ. එම පරිගණකය තරුණියගේ පියා ළඟ තිබී පොලිස් බාරයට ගෙන ඇත.
තරුණිය හා ඇගේ මවුපියන් සමග එකට ගත් ඡායාරූප 200කට ආසන්න සංඛ්‍යාවක් එහි තුබූ බව පොලිසිය කියයි.
තරුණියගේ පියා වන විශ්‍රාමික යුද හමුදා සැරයන් මේජර් පොලිසියට ප්‍රකාශ කර තිබුනේ තම දියනිය සමග සම්බන්ධතාවය පැවැත්වු මේජර් මෙම සිද්ධියට පෙර දැක නැති බවයි.
මේජර් තරුණියගේ පවුලේ අය මේජර් සමග යාල ජාතික වනෝද්‍යානය හා දෙහිවල සත්තු වත්ත බැලිමට ද ගොස් තිබෙන බව එම ඡායාරූපවලින් පෙනෙතියි පොලිසිය පවසයි. තරුණිය ද පොලිසියට ප්‍රකාශ කර තිබුණේ උපකාරක පන්ති ගිය අවස්ථා හතරකදී පමණ මේජර් හමු වී කතා බහ කළ බවයි. අනුරාධපුර
සාලියපුර යුද හමුදා කඳවුරේ 8 වැනි ගජබා රෙජිමේන්තුවේ මේජර් කලිගුරාල ආරච්චිලාගේ නලින් සම්පත් කුමාර (37) සිය කැබ් රථයේ බෝම්බයක් පිපිරී මරුමුවට පත් වූයේ ඉකුත් 18 වැනි දායි. දෙදරු පියකු වන ඔහු කුරුණෑගල හිරියාල ලේනව, බන්ඩිපොළ පදිංචිකරුවෙකි.
මේජර්ගෙ අවසන් කටයුතු කුරුණෑගල දී සිදුවිය. මහේස්ත්‍රාත් පරීක්ෂණයේ මූලික සාක්කි විභාගය ද අද කැඳවීමට නියමිතව තිබූ නමුත් බිරිය අවසන් යටයුතුවලට සහභාගී වීම නිසා එය ලබන 26 වැනිදාට කල් තැබිණි.
තිහගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ඩබ්ලිව්. පී.එස්. පුෂ්පකුමාර විජේනායක මහතා පරීකෂණ පවත්වයි.

