මේජර් ජනරාල් ජානක ඝාතකයා 20 වසරක් හිරේ


උතුරු මැද පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් කොටි සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.

නඩුවේ පළමු වැනි විත්තිකරුට එරෙහි නඩුව ලබන තුන් වැනි දා කැඳවීමට නියමිතය.