මේ ගැටේට අහුවෙන්න එපා
රුපියල් හැට ලක්ෂයක පුංචි ලොරියක් නොමිලයේ දෙන බව කියමින් ලියා පදිංචි ගාස්තු ලෙස රුපියල් 26600ක් බැංකු ගිණුමකට බැර කරන ලෙස ලිපියක් ලද හොත් ළඟම ඇති පොලිසියට කියන්නැයි බකමූණ පොලිසිය මහජනයාට අවවාද කරයි. කඳාන මීගමු පාරේ ලිපිනයකින් මෙවැනි ලිපි ලියන පුද්ගලයකු පසුපස පොලිසිය හඹායයි. දැනටම දිසා 11කින් බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.

