මෙහෙයුමකදී නාවික භටයාගේ ගිනි අවිය මුහුදට වැටිලා


(ඉන්දිකා  රාමනායක)

තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව  සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී  ඇතැයි  මාන්නාරම  පොලිසිය පවසයි.

මන්නාරම නාවික හමුදා කඳවුරට අයත් කණ්ඩායමක් තලේමන්නාරම  4 වන වැලිපර  මුහුදු සීමාවේ දී    මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙහෙයුමේ නිරත නාවික භටයා සතුව තිබූ ටී 56 ගිනි අවියක්ල උණ්ඩ 30 මෙලෙස මුහුදට වැටී අස්තාන ගත වී ඇති බවද පොලිසිය පවසයි.
 
මෙම සිද්ධිය  සම්බන්ධයෙන්  මන්නාරම නාවික හමුදා නිලධාරියකු   ඊයේ (8) මන්නාරම පොලිසියට පැමිණිලිකර ඇත.