මෙහෙකාර වැඩට යන්න නූපන් බබා නැති කරයි


ගෘහ සේවිකාවක ලෙස යළි රට යාම සඳහා මාස හතරක දරු ගැබ ගබ්සා කර කළලය හොරෙන් වළ දැමීයැයි සැකපිට පයාගල කතක ගැන පයාගල පොලීසිය කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. නාගොඩ බෙහෙත් හලකින් රුපියල් 125ට ගත් බෙහෙත්වලින් ඇය නූපන් දරුවා විනාශ කැර ඇතැයි පොලීසිය වාර්තා කළේය.