මෙවර උසස් පෙළ අයදුම්කරුවන් ලක්ෂ තුනක්


(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2017 විභාගය සඳහා අයදුම්කර තිබෙන අපේක්ෂකයින්ගේ අයදුම්පත්‍ර මේ වනවිට තැපැල්කර යවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.

පාසල් අයදුම්කරුවන් 237943ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 77284 ක් ද වශයෙන් මුළු අයදුම්කරුවන් 315227 කට අයදුම්පත් යවා ඇතැයි ඔහු කීය.

විභාග ප්‍රවේශපත් ලද වහාම විදුහල්පතිවරුන් විසින් සිසුන්ට එම ප්‍රවේශපත් ලබාදිය යුතු අතර ඒවායේ සංශෝධන වෙතොත් මේ මස 20 වැනිදාට පෙර ඒවා විභාග දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.