කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්නා මහමෙව්නාවේ තවත් භාවනා අසපුවක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සඟ සතුකර පූජා කෙරිණි. අක්කර හතක භූමියක ඉදිකළ මෙම අසපුව පූජා කිරීමේ පිංකම කඩවත විජිතවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
අසපු භූමිය මිලට ගැනීමට ශ්‍රී ලාංකිකයන්ද වෙනත් රටවල පරිත්‍යාගශීලීන්ද ආධාර උපකාර කළ බව විජිතවංශ හිමියෝ කියති.





