(ඉන්දිකා රාමනායක)
පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමෙන් පසු මේ දක්වා මුල්‍ය අපරාධ පැමිණිලි 335 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
මින් පැමිණිලි ගොනු අවසන් කර 89 ක් නඩු පැවරීම සදහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් තවත් 12කට මහාධිකරණයේ නඩු පවරා ඇති බවද ඒ මහතා කියයි.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව පැවසීය.
මින් 10 ක් කොළඹ මහාධිකරණයේ ද සෙසු නඩු දෙක කුරුණෑගල හා ගම්පහ යන මහාධිකරණ වලද විභාග වන බව ගුණසේකර මහතා පවසයි.
තවත් පැමිණිලි 115 ක් නඩු විමර්ශන අවසානයේ වරදක් අනාවරණය නොවීම හේතුවෙන් වසා දමා ඇති බවත් තවත් පැමිණිලි වැඩිදුර පරීක්ෂණ සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඇතුළු වෙනත් ආයතන වෙත යොමුකර ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
තවත් පැමිණිලි 131 ක් තවමත් විමර්ශන මට්ටමේ පවතින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

