මූන් පරණ කතාව යළි කියයි


ශ්‍රී ලංකාවේ යුද්ධය ඇතිවීමට හේතු වූ කාරණය සඳහා හැකි ඉක්මනින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අවධාරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ හැට හත්වැනි මහා සමුළුවට ගිය මහාචාර්ය ජී.ඇල්. පීරිස් ඇතුළු දූත පිරිස ඊයේ (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා හමු වීය.