කල්පිටියේ බත්තලං ගුණ්ඩුවේ සිට නාවික සැතපුම් 15ක් ඈත මුහුදේ මුහුදු කූඩැල්ලන් තොගයක් සමග තලේමන්නාරමේ පදිංචිකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවික හමුදාව කියයි.
මුහුද මැදදී කල්පිටිය හක්බෙල්ලන් ඉන්දියාවට දී ඔවුන්ගෙන් මුහුදු කූඩැල්ලන් හුවමාරු කිරීමේ ජාවාරමක් ඇතැයිද, අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන්ගේ වටිනාකම රුපියල් දසලක්ෂයක් පමණ වනු ඇතැයිද දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලය කියයි.