මුහුදු කූඩැල්ලන් කිලෝ 578ක් සමග තුනක් දැලේ


නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් තිදෙනකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් පේතුරුතුඩුව මුහුදු තීරයේදී අද (16) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 578 ක්  ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මෙම මෙහෙයුම සිදු කරන ලදී.