මුහුණේ අව ලස්සන නැති කරයි


උප‍තේ අවස්ථාවේදී මුහුණේ ඇති වන විකෘති ශල්‍ය කර්ම මගින් සුව කිරීමේ  මධ්‍යස්ථානයක්  වවුනියාව  රෝහලේ අරඹා ඇත.

නොමිලේ පැවැත්වෙන මෙම සැත්කම් පේරාදෙණිය සරසවියේ දන්ත වෛද්‍ය රෝහලේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.

මුඛ ,හනුක, සහ මුහුණ  පිළිබද විශේෂඥ වෛද්‍ය  රන්ජන් මල්ලවආරච්චි , පේරාදෙණිය  දන්ත වෛද්‍ය  රෝහලේ  මුඛ හා භානුක මුහුණු පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ස්මයිල් ට්‍රේන් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පරාක්‍රම  විජේකෝන් මහත්වරු සැත්කම් මෙහෙයවති.

දරු උපත් 900 කට එකක විකෘති  ඇති විය හැකි බවත් වසරකට ලංකාවේ මෙවැනි දරුවන් 350 – 450 ත් අතර ප්‍රමාණයක් උපදින බවත් අවට පාරිසරික බලපෑම් , විටමින් ඌනතා සහ පාරම්පරික ජානමය හේතු නිසා එසේ සිදු වන බවත් විජේකෝන් මහතා කියයි.