මුස්ලිම් කොංග්‍රසය දෙකට දෙවාරමේ


උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැඳෙනුයේ සිය පක්ෂයට වූ පොරොන්දු ඉටු කරන්නේ නම් පමණක් බව මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ ලේකම් හසන් අලි මහතා පවසයි.

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු අලලා සකස් කළ වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය වෙත මේ වන විට භාර දී ඇති නිසා නුදුරේදී ඊට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු කීය.