මුල් මාස 9 යේදී අලි 293 ක් මැරිලා


(නිමල කොඩිතුවක්කු)
අලි මිනිස් ගැටුම් ඇතුළු විවිධ ක‍්‍රියාකාරකම් හේතුවෙන් වන අලීන් 293 දෙනෙකු 2019 වසරේ මුල් මාස නවය තුළ   මිය ගොස් ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී සූරියබන්ඩාර මහතා පැවැසීය.

වෙඩි තැබීම්, හක්ක පටස්, විදුලි සැර වැද්දවීම, දුම්රියේ ගැටීම්  ආදී සිද්ධි හේතුවෙන් මෙම අලීන් මිය ගොස් ඇතැයිද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේදී  අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

වසරේ මේ දක්වා කාළය තුළ අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගළයන් 93ක් මියගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

2018 වසරේදී අලි මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 96 දෙනෙකු මියගොස් ඇති අතර එම කාළය තුළදී වන අලීන් 319ක් සහ මිය ගිය බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

2011 වසරේදී වන අලි සංගනනයක් අවසන් වරට සිදුකල බවත් පැවසූ ඒ මහතා එහිදී  වන අලීන් 5876ක් වාර්තා වු බවත් සදහන් කළේය.

සංචාරක සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස් මත අදාල අමාතයාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධ කරගනිමින් අලි මිනිස් ගැටළු අවම කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර ඇති බවත් ඔහු එහිදී සදහන් කළේය.