මුරුංගයි බතුයි කා බොක්සිං දිනයි
‘මුරුංගා හොද්දයි බතුයි කාලා බොක්සිං ගහන්න පුරුදු වුණා. මීට කලින් කොළඹ ගිහින් නෑ. කොළඹ යන්න බයකුත් දැණුනා. ඒත් අපි දිණුවා. ‘
ජාතික පාසල් බොක්සිං තරඟාවලියේ රන් පදක්කමක් දිනූ ඇලහැර කනිටු විදුහල් අටවැනි වසරේ ආර් එම් මලික් මධුසංඛ බණ්ඩාර චන්ද්‍රසේන (13) කියයි.
එම විදුහලේ දහ වැනි වසරේ එල් අකිල ඉන්ද්‍රජිත් පෙරේරා ද පාසලට තවත් රන් පදක්කමක් දිනා දුන්නේය.
පදක්කම් දෙකම දිනා ඔවුහු බසයෙන් ගෙදර ආහ.
බුද්ධික කලුබෝවිල මහතා ඔවුන්ගේ පුහුණුකරුයි.
ආර්.එම්. මලිත් මධුෂංක බණ්ඩාර චන්ද්‍රරත්න, මිනිපුරගම, අතරගල්ලෑව, ඇලහැර.
එල්. අකිල ඉන්ද්‍රජිත් පෙරේරා, වෙලංකටුවගම, ඇලහැර

