(තිළිණි ද සිල්වා)
මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු අදාල බලධාරීන් වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ලබන 20 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී.
කොළඹ කුණු මුතුරාජ වෙලට බැහැර නොකරන්නැයි ඉල්ලා වත්තල ප්‍රදේශවාසීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න යන විනිසුරැ මඩුල්ල හමුවේ කැදවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

