මීහරක් හිස් කබලක් සමඟ ප්‍රංශ ජාතිකයෙක් රේගු දැලේ


(ප්‍රසාද්  මුතුකුඩ )

තම පුතුට තෑග්ගක්  දීමට මීහරක් හිස් කබලක් සහ අං දෙකක් නීති විරෝධි ලෙස රැගෙන  යාමට උත්සහ කළ බව කියන ප්‍රංශ ජාතික ගුවන් මගියකු අද (22 ) අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගුව පවසයි.

සැකකරු (56)  කියු එල් 225 දරණ ගුවන්යානයෙන් ඩුබායි හරහා  ප්‍රංශය වෙත යාමට ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදි ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුගේ ගමන් මළු ස්කෑන් යන්ත්‍ර හරහා  පරික්ෂාවට ලක්කර  ඇති අතර සැකකටයුතු බවට  රේගුවට  දන්වා ඇත.

සැකකරු ප්‍රංශයේ උසස් පොලිස්  නිලධාරියකු වන අතර ඔහු තම පුතාගේ ඉල්ලීම මත   මෙය  රැගෙන යාමට උත්සහ කර තිබු බවත් කොළඹ සිටින හිතවතෙකු හරහා මිලදි ගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රේගුව පවසයි.