මීයන් විනාශ කිරීම සඳහා යොදන ප්‍රමිතියකින් තොර රසායනික ද්‍රව්‍යය ගෙදර කුඩා දරුවන්ට මාරකයක් විය හැකි නිසා මිලට නොගන්නැයි කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානි කායිකරෝග විශේෂඥ වරුණ ගුණතිලක මහතා ප්‍රජාව හමුවේ අනතුරු ඇගවීමක් කරයි .
මෙවැනි බොහෝ මී පාසනම් දීප්තිමත් වර්ණයන් නිකුත් කරන බවත් මව්පියන් ඇතුළු වැඩිහිටියන් ඉවක් බවක් නැතිවඒවා තැන තැන තැබීම නිසා ලේසියෙන්ම දරුවන්ට අසුවන බවත් එහි නිෂ්පාදනය හා නිෂ්පාදිත දිනයක් එහි අන්තර්ගතය සම්බන්ධව කිසිම තොරතුරක් සඳහන් නොවෙන බවත් ගුණතිලක මහතා පවසයි.
එවන් මී නාශක මිලදි ගැනීමෙන් භයානක ප්‍රථිපල ඇති වී තිබෙන බවට හෙළිදරව් කරගෙන ඇත.විශේෂයෙන් වයස අවුද්දේ සිට වයස අවුරුදු තුන දක්වා දරුවන්ට එවැනි විස ශරීරගතවීමේ අවස්ථා බොහෝ යැයිද ඊට හේතුව ඉවක් බවක් නැතිව ඒවා තැන තැන තැබීම යැයිද කියති.මී නාශක දීප්තිමත් වර්ණ වලින් යුක්තය.එම නිසා දරුවන්ගේ ආකර්ශනයට එය හේතු වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය මත මෙවන් රසායන ද්‍රව්‍ය සඳහා දරුවන්ගේ ආකර්ශණයට ඉවහල්වන වර්ණ යෙදීම සපුරා තහනම්ය.
ශ්‍රී ලංකාවේ ගෘහස්ත විස වීම් සංඛ්‍යාව වසරින් වසර ඉහළ අගයක් ගනිමින් පවතී.එහිදී ප්‍රමිතියකින් තොර විස ශරීරගත රසායන ද්‍රව්‍ය දරුවන් කෑම නිසා සිදු වන විස වීම්ද නිතර දකින්නට ලැබෙන බව දොස්තර වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.

