මීටියාගොඩ ඝාතන සැකකරුවෝ රිමාන්ඩ්


මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය අද (12) නියෝග කළාය.

මියගිය යුවළගේ දරුවන් ඇතුළු සාක්කිකරුවන් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කෙරිණි.

ප්‍රධාන සැකකරුවන්ට අනුබල දීමේ චෝදනාව මත අම්බලන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගත් විල්තෙර මල්ලවආරච්චි රොහාන් මංජු හෙට දක්වා රිමාන්ඩ් කළ අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර තිබූ අනෙක් සැකකරුවන් දෙදෙනා වන මහදුර නලින් වසන්ත සහ ජග්ගුරාළලාගේ සුපුන් අරවින්ද නොහොත් කුඩු අරවින්ද 19 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරිණි.

IMGA0646 IMGA0648 IMGA0650 IMGA0652 IMGA0654

ඡායාරූප - දීපාල් ද සිල්වා