ප්‍රසාද් මුතුකුඩ
මීගමුව කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සෙනසුරාදා (12) අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනකු ලබන 18 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් කේ ජී ගමගේ මහතා මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකට අවසර දුන්නේය.
සැකකරුවන් අද රාත්‍රී මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අවසර දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
මෙම සිද්ධියේ තවත් සැකකරුවෝ දෙදෙනෙක් තුවාල ලබා ප්‍රතිකාර ලබති.

