මිහිඳු බාලදක්ෂයෝ සියවස සමරති


ගාල්ල මහින්ද විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භකැර වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද පා ගමනක් ගාල්ල නගරයේ දී පැවැත්විණි. 1914 වර්ෂයේ දී මහින්ද බාලදක්ෂ සමූහය ආරම්භ කැර ඇති අතර එය පළමු ගාලු බලදක්ෂ සමූහය හා ශ්‍රී ලංකාවේ තෙවැනි බාලදක්ෂ සමූහයයි.