මිහින් ලංකා බ'ඩුබායි යයි


ඩුබායි  සිට සිය මෙහෙයුමි කටයුතු සිදුකිරීම සඳහා මිහින්ලංකා ගුවන්සේවය සිය නවතම විකුනුමි හා ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඔක්තෝබර් 17 වැනි දින ඩුබායිහි නවනගරය වන බzඩුබායි හිදී විවෘත කිරීමට නියමිතය. ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුප්‍රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල  නව මිහින්ලංකා කාර්‍යාලය විවෘත වන අතර එමගින්   ඩුබායිහි සේවය කරන ලක්ෂයකට අධික ප්‍රමාණයක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිසකට මෙන්ම මිහින් ලංකා සමග පියාසර කරන විදේශිකයින්ටද සෘජු සේවා රැසක් ලබා ගත හැකිවනු බව  ඩුබායිහි මිහින් ලංකා කළමනාකරු වන ඇන්ජලෝ පුංචිහේවා මහතා කියයි. ඔහු පැවසුවේ එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පසු ලාංකිකයනට සේවා ලබා ගැනීමට ඇති ස්ථානය මෙය වන බවයි. නව විකුණුම් මධ්‍යස්ථානය  ආසන වෙන්කිරීම, ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම, භාන්ඩ ප්‍රවාහනය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම, කාල සටහන් හා පැකේජ පිළිබඳ සේවා ලබාදීමි වලට සරිලන සේවා සැපයීමට අවශ්‍ය නවීන පහසුකමි වලින් සමන්විත බවද පුංචිහේවා මහතා පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩෙයිරා, හෝර්නස්, ඩුබායි හා අල්කෝස් යන නගරවලට මැදිව පිහිටා ඇති  බ'ඩුබායි නගරයේ මිහින් ලංකා කාර්යාලයක් විවෘත කිරීම එම නගරවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ඉතා සතුටුදායක පණිවිඩයක් වනු ඇති බවත් ඔහු කියයි. මිහින් ලංකා අඩු වැය ගුවන් සේවයක් බැවින්  මැදපෙරදිග රටවල්හි මිහින්ලංකා ගුවන්සේවය ජනප්‍රිය කිරීමත්  එමගින්  විශේෂ ලාභයක් ඉපැයීමත් මෙහි තවත් අරමුණකි. පූර්ණ සේවා ගුවන්සමාගමකට සමානව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම ප්‍රනීත ආහාරපාන, ආබාධිත හා දුබල මගීන්ට සත්කාරක සේවා හොඳින් ක්‍රියාත්මක කරන අතර කුඩා  දරුවන්ට අපහසුවකින් තොරව ගමන්කිරීමෙි පහසුකමිද ඇත. නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීීී ලංකා තානාපතිිි සරත් විජේසිංහ,  ඩුබායිහි කොන්සාල් ජනරාල් අබිදුල් රහීමි, ආර.එචි.එස් සමූහ ව්‍යාපාරයේ අධිපති  රෆීක් හෂන් සාලි, මිහින් ලංකා අළෙවි ප්‍රවර්ධන කළමනාකාරිනී රංගි පෙරේරා, වානිජ අංශ ප්‍රධානී රෝහන පෙරේරා සහ මෙහෙයුමි උපදේශක ඉන්ග්‍රීඩි ගුරුගේ යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතය.