මිහින් ලංකා ඩුබායි යයි


ඩුබායි  සිට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා මිහින් ලංකා ගුවන් සේවය සිය නවතම විකුණුමි හා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති සරත් විජේසිහ මහතා විසින් ඩුබායිහි නවනගරය වන බ‘ඩුබායි හි අල්මන්කූර් වීදියේදී අද(17)  පෙරවරුවෙ විවෘත කැරිණි. සිංහල චාරිත‍්‍රානුකූලව පෙරවරු 10.00 ට යෙදුණු නැකකින් තානාපති  පීත්ත පටිය කපා නව කාර්යාලය විවෘත කෙළේය.  ඩුබායි සහ  උතුරු එමීරයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්  අබ්දුල් රහීමි මහතා  ඇතුලු මිහින් ලංකා ගුවන්සේවයේ ප‍්‍රධානීහු  පොල්තෙල් පහන දල්වා නව කාරයාලයේ  වැඩ කටයුතු ආරමිභ කළහ. ඩුබායි හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුප‍්‍රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල  නව මිහින්ලංකා කාර්‍යාලය  පිහිටා ඇති අතර සතියේ දින හතම පෙරවරු නවයේ සිට රාත‍්‍රී අට දක්වා විවෘතව ඇත.  බදාදා (17) විවෘත කළ නව කාර්යාලය මගින්  ඩුබායිහි සේවය කරන ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්වූ ශ‍්‍රී ලාංකිකයිනට මෙන්ම විදේශිකයිනටද සේවා රැසක් ලබා ගතහැකයි. නව කාර්යාලය විවෘත කරමින් අදහස් දක්වූ තානාපති  විජේසිංහ මහතා කියා සිටියේ ඩුබායිහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සඳහා තානාපති කාර්යාලය ද   මිහින් ලංකා කාර්‍ය  මණ්ඩලය සේවා රැසක් ඉටු කරන බවයි.   එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට මෙය ඉමහත් පිටුවහලක් වන බවත් අනාගත ආයෝජන අවස්ථා ඇති කිරීමේ තවත් එක් අඩිතාලමක ආරමිභයක් බවත් හේ කීවේය. එමෙන්ම වසර 30 ක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාවී රටට සාමය උදාවී ඇති බැවින් සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන අවස්ථා ඇති වකවානුවක මෙවන් සේවා ලබා ගත හැකි කාර්යාලයක් විවෘත කිරීම  කාලෝචිත  බවත් කීය. මිහින් ලංකා ගුවන්සේවයේ වාණිජ ප‍්‍රධානී රොහාන් පෙරේරා මහතා පැවසූවේ ඉදිරියේදී සාජා සහ ඩුබායි වෙත මිහින්ලංකා ගමන්වාර වැඩිකිරීමට සැලසුම් කර ඇති බවයි.  මගීන්ගේ පහසුව සඳහා සාජා නගරයත්, ඩුබායි නගරයත් අතර නොමිලේ මගී ප‍්‍රවාහන සේවයක් ආරමිභ කරන බවත් ඔහු කීවේය. මීට අමතරව  අඩු වැය ගුවන් සේවයක් ලෙස ඉදිරියට ඒම සඳහා කෙටි ආහාර වේලක්,   සුහද ශීලී සේවාවන්, ඇතුලු පහසුකම් රැසක්  මිහින් ලංකා ගුවන් සේවය ලබා  ලබාදෙන බවත් කීය. නව විකුණුම් මධ්‍යස්ථානය  ආසන වෙන් කිරීම,ටිකට් පත් අලෙවිය, භාණ්ඩ ප‍්‍රවාහනය,  ගාස්තු පිළිබඳ තොරතුරු ,කාලසටහන් හා පැකේජ  සේවා  ආදිය දැන ගැනීම සඳහා නවීන පහසුකම් නව කාර්යාලයයෙන් ඇත. උතරු එමීරයේ  කොන්සාල් ජනරාල්වරයා වන අබ්දුල් රහීමි,  ආර්.එචි.එස් සමූහ ව්‍යාපාරයේ අධිපති  රයීෆ්  හෂන් සාඳි ,  මිහින් ලංකා ඩුබායි කළමනාකරු වන ආන්ජලෝ පුංචිහේවා, ප‍්‍රධාන අලෙවි කළමනාකරු ගුල්සාන් ශායිඩීන්, වාණිජ අංශ ප‍්‍රධානී රෝහණ පෙරේරා,  මුල්‍ය ප‍්‍රධානී සජීව සුවාරිස්, අලෙවි ප‍්‍රවර්ධන කළමනාකාරිනී රංගි පෙරේරා, සහ මෙහෙයුම් උපදේශක ඉන්ග‍්‍රීඩි ගුරුගේ යන මහත්ම මහත්හු ද   ශ‍්‍ර‍්‍රී ලාංකිකයෝ රැසක් ද සහභාගී වූහ.