මිහින් යානයේ මංගල ගමන බුද්ධ ගයාවට By None // 2012 දෙසැ 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිහින් ලංකා ගුවන් සේවයේ ඒ320-200 අලුත් යානය අද අලුයම 5ට ඉන්දියාවේ බුද්ධගයාව බලා මංගල ගමන ගියේය. කටුනායක 18 කණුව බෝධි රතනාරාමාධිපති අමන්දොලුවේ ධම්මරත්න හිමි ඇතුළු මහා සංඝරත්නය ගුවන්යානයට වැඩමවා ආගමික වතාවන් සිදුකර පිරිත් සජ්ජායනා කර, ආර්ය මණ්ඩලයට පිරිත් නූල් බැඳ යානයට පිරිත් පැන් ඉස්සාහ. අනතුරුව ලියනගේමුල්ල දේවස්ථාන බාර වී.ආර්.එල් ද පියතුමා සහ කප්පිත්තවත්තේ කුරුක්කල් එස්.එස් ජයරාම් තුමා ආශිර්වාද පූජාවන් පැවැත්වූහ. මෙම අවස්ථාවට සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, වානිජ අංශ ප්‍රධානී රෝහන පෙරේරා, මුල්‍ය ප්‍රධානී සජීව සුවාරිස්, අළෙවි ප්‍රවර්ධන කළමණාකාරිනී රංගි පෙරේරා, මෙහෙයුම් උපදේශක ඉන්ග්‍රීඩි ගුරුගේ, රාජ්‍ය සහ මහජන කටයුතු කළමණාකාරී ගාමිණී අබේවර්ධන, ප්‍රධාන ගුවන් නියමු පූජිත ජයකොඩි මහත්ම මහත්මීහු ඇතුලූ ආරාධිතයෝ රැසක් සහභාගී වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත