මිහින් එයාර් යානයක් හදිසියේ බස්සයි
කටුනායක සිට ජාකර්තා නුවර බලා අද උදේ 7.30ට පිටත් වූ එම් කේ 603 මිහින් එයාර් ගුවන් යානය පෙරවරු 9.21ට යළි ගුවන් තොටට ගොඩ බෑවේය. ඒ වන විට ගුවන් තොටුපොළේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. යානයේ ගමන් බඩු අංශයේ බහාලුමකින් දුම් දැමීමක් මේ සිද්ධියට හේතු විය. ගුවන් යානය එහි ගොඩබට වහාම මගීහු 202 ඉන් ඉවතට ගනු ලැබූහ. මගීන් කිසිවකුටත් කිසසිම කරදරයක් සිදුවී නැත.
යානයේ කාර්මික දෝශයක් තුබු බවක් පෙනෙන්නට නැත.

