මිලානෝ ලක් රූ රැජින තෝරයි


ඉතාලියේ මිලානෝ නගරයේ වාසය ශ්‍රී ලාංකිකයන්ගේ දෙවැනි පරපුර  2013 ජනවාරි මස  පිහිටුවාගත් ලෝටස් (සියපත) සංගමය ඉතාලියේ   ශ්‍රීලාංකික සම්භවයක් ඇති  තරුණියන් අතර ශ්‍රී ලංකා ඉතාලි රූ රැජින තේරීමේ තරඟයක් ලබන දෙසැම්බර් මස 14 වැනි දා  මිලානෝ මල්පෙන්සා  ෂැරටන් හෝටලයේ පවත්වන බව මෙම සංගමයේ සභාපති මලිඳු පෙරේරා මහතා පවසයි.

මෙම තරඟය සඳහා  වයස අවුරුදු 18-28 අතර , ඉතාලියේ වසරකටවඩා ස්ථීර පදිංචිය ඇති, අවිවාහක සහ ශ්‍රීලංකා සම්භවයක්  (මව හෝ පියා  ලාංකිකයෙකුවීම) ඇති තරුණියන් සඳහා ඉදිරිපත්විය හැකි බවත්, ඉල්ලුම්පත්‍ර www.lotus-club,org සහ මිස් ශ්‍රීලංකා ඉතාලි ෆේස්බුක් පිටුවෙන් ලබා ගත හැකි බවත් පෙරේරා මහතා පවසයි.