මිලානෝ එජාපය දුර්මතයක් නැති කරයි


පසුගියදා ඉතාලියේ සංචාරයකට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සමග ඉතාලියේ මිලානෝ නගර සභාවේ සාමාන්‍යාධිකාරී බසිලියෝ රිස්සෝ හා තවත් නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධිනත්වය හා මාධ්‍ය මර්ධනය පිලිබඳව ප‍්‍රශ්න ඇසීමක් සිදු නොවූ බව මිලානෝ නුවර  එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය කියයි. එවැනි වැරදි මතයක් ඇතැත් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික දියුණුවත් ආයෝජන පහසුකම් පමණක් එහිදී සාකච්ඡා වූ බව ඔවුහු කියති.