( ජයන්ත සමරකෝන්)
මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයින් පිළිබඳ කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස ළඟ තබාගෙන තිබූ ජංගම දුරකතන 75 ක් ලැප්ටොප් පරිගණක 5 ක් මුදල් රුපියල් එක් ලක්ෂ හැත්තෑහය දහසක් අද ( 05) අත්අඩංගුවට ගත් බව ආගම විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී ජී ගයාන් මිලින්ද මහතා පැවසීය.
විවිධ මුදල් වංචා ඇතුළු නීතී විරෝධි ක්‍රියා සම්බන්යෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි මෙම විදේශිකයින් පිළිබඳ ලැබුණු තොරතුරක් මත මිරිහාන මූලස්ථාන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ආගමන විගමන නිරීක්ෂණ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 40 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
මිරිහාන රැදවුම් කඳවුරේ රඳවා පරීක්ෂණ පත්වාගෙන යන විදේශකියන් සංඛ්‍යාව 118 දෙනකි.

