මොහොමඩ් බුහාර්ඩීන් සහ කාංචන කුමාර ආරියදාස
දඹුල්ල මූලික රොහලට දරු ප්‍රසුතියක් සඳහා ඇතුළුකළ මවක දරුවා ප්‍රසූතියෙන් පසු මියයැමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇගේ දේහය අනුරාධපුර මාර්ගය මැද තබා ගම්වාසීහු අද විරෝධතාවක් පැවැත්වූහ.
ගලේවෙල වෙත්තියාය පදිංචි දිපිකා ප්‍රියංගිකා(27) නැමති දෙදරු මව පසුගිය මස 21 වැනි දා දරු ප්‍රසුතිය සදහා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කළ 25 වැනි දා රාත්‍රියේදි සිසේරියන් සැත්කමකින් දරුවා ප්‍රසුත කිරිමෙන් පසු ඇය දැඩි ලෙස රෝගාතුර වූවාය. අසාධ්‍යව දින හතරක් දැඩි සත්තාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලැබුවාය. ඇගේ වකුගඩු වලට හානි වි ඇති බව කියමින් වැඩිදුර ප්‍රතිකාර සදහා නුවර මහ රොහලට මාරු කර යවනු ලැබූ අතර දින 19ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියිදි පසුගිය 15 දා සවස මිය ගියාය.
මෙම මවගේ මරණය වෛදයවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවු බව කියමින් ඇගේ සැමියා වු නන්දසිරි අධිකාරි මහතා ප්‍රමුඛ ගම්වාසින් ඇගේ අවසන් කටයුතු සිදුවු අද සවස ගලේවෙල වෙත්තියාය මන්සංධියේ අගේ මිනිය තබමින් විරෝදතාවක් සිදු කළහ. ඇගේ මරණයට සාදාරණයක් ඉටුකර දෙන ඉල්ලා සිටියහ.
උද්ඝෝෂණය නිසා කොළඹ - අනුරාධපුර, කොළඹ - පොලොන්නරුව, කොලඹ - ත්‍රිකුණාමලය මාර්ගවල ගමනාගමනයට පැයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම නැවතී තිබිණි.




