මිය ගිය - විදෙස්ගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස්කෙරේ


(රංජන් කස්තුරි)
 
මිය ගිය සහ විදේශගත ඡන්දදායකයින්ගේ තොරතුරු රැස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
 
ජනාධිපතිවරණයේදී ඡන්ද අවභාවිතවීම වැළැක්වීම සඳහා එම පියවර ගන්නා බවද කොමිෂන් සභාව සඳහන් කරයි.
 
ඒ අනුව 2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම් ඇතුළත් මිය ගිය හෝ විදේශගත ඡන්දදායකයින්ගේ නම් ඔක්තෝබර් 5 වැනි දිනට පෙර ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන්  කරයි.