මිනිහෙක් අහසින් බිමට පනී By None // 2012 ඔක් 15 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බම්ගර්ට්නර් ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ අහසේ අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩසිට බැලූනයක හා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටැවීය. ශබ්දයේ වේගයට වඩා වේගයකින් බිමට පැනීමට ඔහුට ගත වූයේ මිනිත්තු 10කි. පීලික්ස් කැප්සුලයෙන් පැන නිදහසේ මිනිත්තු හතරක් පමණ බිමට පාවෙමින් සිටියදී පැරෂුටය විවෘත කැරගත්තේය. 1960දී ගුවන් නියමු ජෝ කිටින්ගර් අඩි 102800 (කිලෝමීටර් 19) අහසින් පැන වාර්තාවක් පිහිටැවීය. පීලික්ස් ඒ වාර්තාව බිඳ දැමීය. අහසේ එවැනි උසක සිට බිමට පැනීමේදී මිනිස් සිරුරට ඇතිවන බලපෑමත් පැනීම සඳහා යොදාගන්න බැලූන හා පැරෂුටවල ශක්තිය මැන බැලීමත් මේ පිම්මේ අරමුණ විය. පීලික්ස් ශබ්දයේ වේගය පැරදවූ පළමු මිනිසාය. ඔහු පොළොවට ආ වේගය පැයට කිලෝමීටර් 1342 කි. ‘මා බිමට එද්දී මට හිතුණේ ටොන් විස්සක පමණ බරක් මගේ උරහිස මත තුබූ සැටියකි. මේ කාරියට මා හත් අවුරුද්ධක්ම පුහුණු වුණා‘ යැයි පීලක්ස් ජර්මන් බසින් මාධ්‍ය ඇමතීය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත