හොරණ ගෝනපොල ව්‍යාපාරිකයකු වන එස් ඩී ටියුඩර් මහතා මින් වසර හතරට පෙර ගැමියකුට දුන් ගවයකු, මස් කඩ කරුවකුගෙන් බේරා ගැනීමට මින් වසර හතරකට කලින් සමත් විය.
එම ගවයා ගෙදර ගෙනවුත් තම පට්ටියට එක්කල පසු ගවයාගේ හැසිරීමේ වෙනසක් ඇති විය.
ඉදිරිපස ගාත් නවා හිස බිම තබා ව්‍යාපාරිකයාට වැදීම එම වෙනසයි. ඉන් පසු හාම්පුතාගේ සාමාජිකයන් පන්සලේ හාමුදුරුවන්ටත් වැදීමට පටන් ගත්තේය.
එහෙත් එසේ කරනුයේ හාම්පුතා හෝ පවුලේ කෙනකු කිව්වොත් පමණි.