මහනුවර විද්‍යාර්ථ මහා විද්‍යාලයේ හා සිල්වෙස්ටර් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ සිසුන් දෙදෙනකු වෙසක් පොහොය නිමිත්තෙන් අසරණ පවුලකට ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක උපකරණ පරිත්‍යාගයක් සිදුකළහ.
කසුන් දිසානායක හා හර්ෂ නාලක නමැති මේ සිසුන් දෙදෙනා මේ පරිත්‍යාගය කැර ඇත්තේ කඩුගන්නාව පොලිසියෙන් ලබාගත් තොරතුරු අනුව තෝරාගත් පවුලකට වීම විශේෂත්වයකි.
මේ පවුලේ සැමියා මියගොසිනි. වයස අවුරුද 18ක ආබාධිත දරුවෙක් හා මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දැරියක් හා වයස අවරුදු දෙකක් වූ දැරියක් ද මේ පවුලේ සිටිති.
පියා මියගිය පසු පවුලේ බර කරට ගත්තේ දරුවන්ගේ සීයාය. 85 වැනි වියේ පසුවන ඔහුගේ ඇස් පෙනීම දුර්වලවීම හේතුවෙන් කුලී වැඩක් කරගැනීමට ඔහුට ද අපහසු වී ඇත. දරැවන්ගේ මව තම බිළිඳිය නිවසේ තනිකැර දමා ඉදහිට කුලී වැඩක් කර ජීවන අරගලයට මුහුණ දෙන්නීය.
උසස් පෙළ හදාරණ කසුන් හා හර්ෂ තම මිතුරන්ගේ ද ආධාරයෙන් මේ පවුලට දිගටම පිහිටවන්නට අදිටන් කරගෙන සිටිති.






