මිණිපුර 30ක් ලක්ෂ පහට වඩා බදු ගෙවති


රුපියල් ලක්‍ෂ පහට වැඩියෙන් ආදායම් බදු ගෙවනනෝ තිස් දෙනෙක්  රත්නපුරයේ සිටිති. පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැති වරියද, එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී පී. අබේනායක මහතාද ඒ අතර වෙති. දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා වෙතින් ඔවූහු රන් හා රිදී කාඞ්පත් ලදහ. වාර්ෂිකව රුපියල් ලක්‍ෂ හතළිහට වැඩියෙන් බදුගෙවන සිව්දෙනෙක්ද රන් කාඞ්පත් ලදහ. ව්‍යාපාරිකයෝද, වෛද්‍යවරුද, දේශපාලකයෝද, මෙම රන් හා රිදි කාඞ්පත් ලදහ. සබරගමු පළාත් සභා මන්ත‍්‍රී පීි. අබේනායක මහතා වාර්ෂිකව රුපියල් ලක්‍ෂ දහයකට වැඩියෙන් ආදායම් බදුගෙවයි. තාක්‍ෂණ කටයුතු ඇමතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වාර්ෂිකව රුපියල් ලක්‍ෂපහට වැඩියෙන් බදු ගෙවන්නීය. අබේනායක මන්ත‍්‍රීවරයාගේ උපන්දිනය ද අදට යෙදී තිබිණි. ඔහුද පවිත‍්‍රා ඇමතිනිය වෙනුවට නියෝජිතයෝද ආහ. රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආදායම් බදු ගෙවන්නන් අටදහස් පන්සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ලක්‍ෂ පහට වැඩියෙන් බදුගෙවන සංඛ්‍යාව අසූපහකට ආසන්න බවත් නියෝජ්‍ය කොමසාරිස් කියයි. රුපියල් ලක්‍ෂ දෙක හමාරට වැඩියෙන් වසර දහයක් ආදායම් බදු ගෙවා ඇත්නම් බදු සහන යටතේ මෝරරියක් ගෙන්වීමට සහන මෙන්ම, විදෙස්ගතවිමේදී ගුවන් තොටුපලේදී ප‍්‍රභූ පුද්ගලයන්ට හිමි වරප‍්‍රසාද  සහ තෝරාගත් මුල්‍ය ආයතන කිහිපියකින් ණය මුදල් ලබා ගැනීමේදී සියයට එකක පොලී සහනයක්ද හිමිවන බව ඔහු පවසයි. වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත්  හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතා රන් කාඞ් පත දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් අතින් ලබාගත් අවස්ථාව.