මැරයෝ මනම්පිටිය වනජීවී කාර්යාලයට පහරදෙති
පොළොන්නරුව මනම්පිටිය වනජීවී කාර්යාලයට නාඳුනන පිරිසක් පහරදී වාහනවලට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත.
වනජීවී නිලධරයන් කිසිවකු ඒ අවස්ථාවේ නොසිටි බවත් ඔවුන් වැටලීමකට ගොස් සිටි බවත් කියති.
වැටලීම සිදුවන ස්ථානයට ද ඩබල් කැබ් රියක් ඇතුළු වාහන දෙකකින් ගිය මැර කල්ලියක් විසින් ඔවුනට මරණ තර්ජන එල්ල කළ බව ද පැමිණිල්ලේ සඳහන්ය.

