මැරයෙක් අල්ලයි
ඉතාලියේ පලැර්මෝ නගරයේ 29 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට පස්දෙනකු පොලූවලින් පහරදී රන්මාලයක් හා යුරෝ 1000 (රුපියල් 172000) පැහැර ගත් බව ඉතාලි පොලිසියට පැමිණිලිකර ඇත.
පහරකෑමට ලක් වූ පුද්ගලයා වාසය කරන පොලාරා මාවතේ මහල් නිවාසයට ඇතුළු වන ප‍්‍රධාන දොරටුව අබියසදී ඔහු පහරකෑමට ලක්ව ඇත. එසැනින්ම එතැනට පැමිණි පොලිසියට ප‍්‍රහාරයකට ලක් වූ පුද්ගලයා විසින් පහරදුන් පුද්ගලයිනගේ හැඩරුව හා ඇඳ සිටි ඇඳුම් සහ පලා ගිය දෙස පැවසු අතර පොලිසිය ඔවුන් පසුපස හඹායන්නට විය.
එසේ ගිය පොලිසියට රේ ෆෙදරීකො මාවතේ නවතා තිබූ වාහන අතර සැඟවීමට උත්සාහ කළ බාලසුබ‍්‍රමනියන් මුරුගතාස් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි විය. ඒ වන විට ඔහුගේ ඇඳුම්වල ලේ තැවරී තිබිණි. අනෙක් සැකකරුවන් පලාගොස් ඇත. තුවාලකරුගේ හිසට මැහුම් 12 ක් දැමීමට සිදුවිය.

